
29
දින කිහිපයක් නොදුටු නිසාවෙන් එදින දේශන හමාර වූ පසු ජීවක සොයා ගිය ආරණ්යා හට දකින්න ලැබුනේ සිසුන් පිරිසක් පිරිවරා කතා කරමින් සිටි ජීවකය.ආරණ්යා ඈත සිට එනු දුටුවද නොදුටු ලෙස තම කතාව කරගෙන ගිය ජීවක, ඇය ලං වෙත්ම ඔහොම ඉන්න යැයි, අතින් සංඥා කොට,අනෙක් අයගෙන් කිසිවක් විමසා , ඇය දෙස බලා එහි එන්න යැයි පැවසීය.
”අබා ආපු එක හොඳා”ජීවක සිනහ සෙමින් පැවසීය.
”ආවට හොඳ මොකද ?” අසල සිටියෙක් විමසීය.
ජීවකගේ වසරේ බොහෝ දෙනා රුක් සෙවන යට බංකු පෙලෙහි අසුන් ගෙන සිටිනු දුටු විට අබාගේ මුහුණ රත් පැහැ ගැන්විනි. ”නංගි ඉඳගන්න නංගී” යැයි දෙපැත්ත කැපෙන වචන කීමට නම් දරා සිටි දේවින්ද පැවසූ විට අබා ජීවක අසලම තිබූ බංකුවක හිඳ ගත්තාය.
”ජීවක, මොකෝ අද දහස් කන් මන්ත්රණ කැම්පස් එකේ හැමතැනම ” හිඳගන්න ගමන් අබා ඔහුගෙන් ඇසීය
”දන්නැද්ද, මේ පිකට්ං එකක්, කොටුවෙ, අදත් නාගෙන තමයි එන්න වෙන්නේ..”
”ඉතිං ඔයත් යනවද ?”
”මම යන්නෙ නම් නෑ, යන්න හදන එවුන්ට මේ ඒකේ දිග පළල කියා දුන්නා, මුං මේ නිකන් නැහෙන්න හදනවා.” අසල සිටි පිරිස වෙත අත දිගු කරමින් හේ පැවසීය.
”මං යනවා. අපේ කට්ටියත් ලෑස්ති වෙනවා.රටේ ප්රශ්ණ වල ගැඹුර අපටත් තේරෙනවා කියලා මිනිස්සු දැන ගන්න ඕනා” නැගී සිටි අබා ෆයිල් මිටියෙන් ගත් කොළයක් ජීවක දෙසට දිගු කරමින් අබා පැවසීය. සාමුහික ක්රියාවලදී, බොහෝ නිද්ර්රාශීලී ස්වරූපයෙන් කටයුතු කරන ජීවක ගැන මෙවෙලේ ඇයට ඇති වූයේ කණස්සල්ලක්.
”අද හැමෝම වගේ එනවා නේද ?” අබා යලිත් ඇසීය.
”අම්බෝ අපි නම් යන්නෙ නෑ, නැද්ද ජීවක ” දේවින්ද සෙසු සියල්ලන් දෙස බලමින් පැවසීය.
”ඔව් මචං , මේවයේ තියෙන හිස් බව තේරුම්ගත්තම ඇත්තටම කිසි තේරුමක් නැති වැඩක් කියලා හිතෙන එක පුදුමයක් නෙමේ, අපි කිව්ව කියලා එයාලට අවශ්ය දේ වෙනස් කරයිද ? නෑනේ” ජීවක දේවින්දගේ අදහස අනුමත කරමින් පැවසීය.
”ජීවක ඔයා වගේ කෙනෙක් ඔයාගේ දර්ශනය මේ වගේ දේවල් වලට යෙදුවානම්, මීට වඩා හොඳ ප්රතිඵල ලබා ගන්න තිබුනා. ඕගොල්ලොත් ඉතින් සිල් රකිනවා” අබා දැඩි නොරිස්සුම් හඩින් පැවසීය.
”හපොයි මේ මොකද මේ, අබා කේන්ති ගන්ඩ එපා මේක එහෙම දෙයක් නෙමේ, මම කියන්නේ යම් යම් දේවල් කරන ක්රමයක් තියෙනවා.”
”මොන ක්රමේද ?”
”මේකනේ, දැන් බලන්න, පාරවල් වල කෑ ගහගෙන , පොලිස්සියත් එක්ක ඇරගෙන මේවා කරන්න ගියහම නිකම් ජෝකර්ලා ටිකක් ගානට අපි වැටෙන්නේ, හැමදාම එකම බයිලාව. ඇරත්, මිනිස්සුන්ට උනත් දැන් විශ්ව විද්යාල සිසුන් කිව්වම එ්ක විහිළුවක් වෙලා, ඉස්සර කැම්පස් එකට යනවා කියන එක පවුලටම ලොකු නම්බුවක්, දැන් මේ විකාර නිසා, සමස්ථ විශ්ව විද්යාල ප්රජාවම විහිළුවට ලක් වෙලා.. මම කියන්නේ යථාර්තය අබා. රටේ ඉන්න හොඳම මොළ ටික ඉන්නේ මෙතන, ඒත් රටේ මුල් පුටුවලට එන්න දැන් මේ මොළ වලට ඉඩ ඇහිරිලා, එ් ඇයි ?”
”මං දන්නෙ නෑ. ඔයාගෙ ඔය බණ අදට ගැලපෙන්නේ නෑ” අබා නොරිස්සුම් සහගත මුහුණින් ඉවත බලමින් පැවසීය.
”අබා මේ බලන්න නංගී. අවුරුදු හතරේ ඩිග්රිය අවුරුදු 6,7 කරගන්නේ අපිමයි. ඊට පස්සේ අපේ සුදුසුකම් වලට හරියන රස්සාවක් නැතුව දුක් විඳින්නෙත් අපිමයි. මොකද අපි එළියට යද්දී, අපේ පුරප්පාඩු ඉබේම පුද්ගලික අධ්යාපනය ලබාගත්ත අයගෙන් පිරවිලා මේක තේරුම් ගත්ත උන් ඉන්නවනම් ඒ බොහොම සුළු පිරිසක්”
”ජීව කියන දේ හරි, අබා ඔහොම කතා කරන එක වැරදියි. අපි තේරුම් ගන්න ඕනා, නොමිලේ ලැබෙන මේ අධ්යාපනේ හරියට කරගන්න, මොකද මේවාට වියදම් වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි ” තිලක් පැවසීය.
”කැම්පස් එකේ දේශපාලනය කරන එකට මමත් එකඟ නෑ. අනික ෆයිනල්ස් අත ලඟ, ඒ තියෙද්දී කැම්පස් වැහුවොත්, තවත් කල් යනවා අවුට් වෙන්න. අපේ බැච් එකේ කවුරුත්ම යන්නේ නෑ, හතර පස් දෙනෙක් ඇරෙන්න. අබා ඔයාලා නිකම් පරිප්පු කන්ඩ එපා ඕවාට ගිහින්” දේවින්ද එසේ පවසද්දී, අබාට දැනුනේ, මේ සියලූ දෙනා තමාට දෝෂාරෝපණ එල්ල කරන බවකි.
”මම ආවෙ ඔය ලිපිය දීලා යන්න, අර කුඩු කේස් එක ගැන පත්තරේට ලිව්ව එක ”
”ආහ් ඒක දුන්නද දාන්න, මම අද හවසට කියවලා බලන්නම්” ජීවක ඒ දෙස උඩෙන් පල්ලෙන් බලමින් පැවසීය.
”ඔව් ඕගොල්ලොන්ට ඉතින් හවසට කරන්න වැඩක් නෑනේ, මම යනවා , මොනා උනත් අපේ කට්ටිය එකතු වෙන දේවල් වලට අකුල් හෙලන එක මහ නිවට කමක් ” එසේ කියමින් අබා එතැනින් යන්න ගියාය.
”මචං අබාට කේන්ති ගියා වගේ” සමීර ජීවක දෙස බලමින් පැවසීය.
”ඔය කේන්තිය පොඩි වෙලාවයි, ආයෙ දුවගෙන එයි, හරි අපි ඉක්මනින් මේ වැඬේ ගැන කතා කරගෙන මෙතනින් වාෂ්ප වෙමු” ජීවක අබා යන අත බලමින් පැවසීය.
”මේකයි මචං කොටුවේ අපි අර බලපු ස්පොට් එක උන් අයින් කරලා, කවුරු හරි ඔත්තුවක් දෙන්න අති”
”තාම අර කොලේජ් එක ලඟ උන් මේවා විකුණන බව ආරංචි උනා, එ්පාර මමයි දේවින්දයි ගිහින් බැලූවා කීප දවසක්, එ්ත් කොහෙද එකෙක්වත් පේන්න හිටියේ නෑ” සමීර එසේ කියද්දී දේවින්දත් එය සනාථ කලේය.
”කොටුවේ ස්පොට් එක කොහෙටද ගෙනිච්චෙ කියලා හොයලා බලමු, පුරුදු නැති මූණු මේකට යොදාගන්න වෙනවා, අපේ මූණු පුරුදුයි එවුන්ට” තිලක් බැ?රුම් හඩින් පැවසීය.
”දැන් මේ ලිපිය පත්තරේ ගියාම මොන මොන ගිනි කෙළි පත්තුවෙයිද දන්නෙ නෑ, කෝකටත් අපි සූදානමෙන් ඉමු ” ජීවක එසේ කියමින් අබා විසින් දුන් ලිපිය අවට සිටි සියල්ලන් වෙත පෙන්වූයේය.
මේ තරුණයන් පිරිස මෙසේ එකතු වී කතා බස් කරගන්නේ, ඔවුන්ගේ සමාජ ශෝදන සංග්රාමයේ ඉදිරි අදියර ගැනය. සමාජයේ එක්තරා පිරිසක් එය විනාශ කරන්නට අර අඳිද්දී, සමාජය ගොඩ නගන්නට වෙහෙසෙන මෙවන් දුවා දරුවන් අප රටට සම්පතක්ම වන්නේය. ඔවුන් එ් කිසිවක් කරන්නේ, කිසිවෙකුගේ පැසසුම් හෝ පදවි තානාන්තර බලාගෙන නොවේ හුදෙක්, නිතැතින්ම පුරුදු පුහුණු කරගත් මනා සංයමයත්, ලෝ හිතකාමී සිතුවිලිත් නිසාවෙනි.
..............................................................
”මෝඩියෙක් වෙන්න එපා අනූ..” කාංචනා තම යෙහෙළියගේ හිත හදන්න එහෙම කිව්වත් ඇය කළ කී දේ අනුමත කරන්නට තමාට බැරි බව ඈ දනී”මගේ වැරැද්ද, මං හැමදාම කලේ ජීවව රිද්දන එක, ඒත් මං හිතුවෙ නෑ එයා කවදාවත් කා එක්ක හරි යාලූ වෙයි කියලා” කඳුලූ පිරුණ දෑසින් හිටි අනුත්තරා දිහා බැලූ කාංචනාට , නොයෙක් සබඳකම් අතර අතරමං වී ඉකිබිඳින අනූ ගැන ලොකු දුකක් එවෙලේ ඇයට ඇති වුනා.
”කංචි ඇයි ජීව මා ගැන පොඞ්ඩක්වත් හිතුවේ නැත්තේ.. මම කොයිතරම් එයා ගැන හිතුවද.. බලාපොරොත්තු තියාගෙන හිටියද ?”
”ඔය ඇඩිල්ල නවත්ත ගන්න වටපිටේ මිනිස්සුත් බලනවා, ඔයාට අඩන්න ඕනෙනම් පොඞ්ඩක් ඉඳින් කොහෙට හරි ගිහින් ඇති වෙන්න කෑ ගහලා අඩමු දෙන්නම ” ගලහා පාර දිගේ බස් නැවතුමට එන අතරේ ඉකිබිඳිමින් කඳුළු පෙරමින් එන අනූ දෙස මාර්ගය දෙපස ගමන් කරමින් සිටි සරසවි සිසුන් කිහිපදෙනෙක්ද විපරමින් බලනු දුටු කාංචනා එසේ කීය.
ගුඞ්ෂෙඞ් එක අසලින් බස් එකෙන් බැස ගත් ඔවුන් දෙදෙන ඔරලෝසු කණුව හරියේ තිබූ ඔවුනට හුරු පුරුදු සමෝසා කඬේට ගොඩ වැදුනේ වඬේ සමග ප්ලේන්ටියක් බොන ගමන් හිතේ කඳුළු දිය කර හරින්නටයි.
මතු සබැඳෙයි.


2 comments:
මම අලුත් බ්ෙලා්ග් පාඨකෙයක් .අද තමයි මම ජිවිෙත් කතාවක් කියවන්න ගත්තේ . අැත්තටම ජිවකලා කැම්පස් වල ඉන්නවා නම් .... අෙප් තරුණ පරපුර ගැන අපිට අාඩම්බර ෙවන්න පුලුවන්.දිගටම ලියන්න. අපි පස්ෙසන් එනවා.
මම අලුත් බ්ෙලා්ග් පාඨකෙයක් .අද තමයි මම ජිවිෙත් කතාවක් කියවන්න ගත්තේ . අැත්තටම ජිවකලා කැම්පස් වල ඉන්නවා නම් .... අෙප් තරුණ පරපුර ගැන අපිට අාඩම්බර ෙවන්න පුලුවන්.දිගටම ලියන්න. අපි පස්ෙසන් එනවා.
Post a Comment