28
පසු දින බස් රථයට ගොඩවුනු වෙලාවේ ඉඳන් සමීරගෙන් තොර තෝන්චියක් නැතුව ප්රශ්න කිරීම් වැලකි ”ඇයි අර ඩෙනිම් සයිමන් එහෙම දෙයක් කිව්වෙ ?””මං දන්නෑ ! මම කලේ ඒ කෙල්ලට රස්සාවක් හොයලා දෙන එක. ඊට එහා කිසිම දෙයක් මං දන්නෑ මචං ”
පොල් පටවන්නාක් මෙන් ඉස්සරහින් තල්ලූ කරමින් ඇතුලට තව තවත් සෙනග පටවාගන්නා මේ බස් කොන්දොස්තරලාට වඩා හපං මහා හයියෙන් නලාව ශබ්ද කරමින් රේස් යන බස් රියදුරන්.
”මචං උඹ දන්නවද ඔය සයිමන්ට ඇයි ඩෙනිම් සයිමන් කියන්නෙ කියලා” සමීරගෙන් තවත් ප්රශ්ණයක් .
”දන්නෑ.. ඩෙනිම් වෙන්න ඇති වැඩිපුර අඳින්නේ” ජීවක එක අතකින් සීට් එකක කොනක් අල්ලාගෙන අනිත් අතින් වැරෙන් හිසට ඉහලින් තිබූ අත්වාරුව අල්ලගෙන නොවැටී කිසිවෙකුගේ ඇෙඟ් නොහැප්පී ඉන්න ගන්නේ දැඩි උත්සහයකි.
”නෑ නෑ, එ් මිනිහා පිටකොටුවේ ඩෙනිම් විකුණනවා, ඒකයි, උඹෙ සාමාන්ය දැනීම නම් නිල් ”
ජීවකට මහ හඩින් හිනා ගියේය. ”ඇයි උඹ කින්ඩි හිනාවක් දැම්මේ ?”
” මගෙ සාමන්ය දැනීම නෙමේ බං උඹෙ ඕපාදූප දැනීම ගැනයි මම හිතුවේ”
”හා හා මම ඕපා දූප කාරයා, ඒකනේ ඔය කියන්නේ”
”මචං තරහ ගන්ඩ එපා, විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ”
තුම්මුල්ලෙන් බැස සරසවිය දෙසට පියමන් කරද්දී අබා පිළිබඳ මතකය යලිත් ජීවකගේ හිත ඇවිස්සුවේය. ”ඒක නෙමෙයි මම මේ කල්පනා කලේ ඇයි අබා ඊයේ අරවගේ දෙයක් කලේ කියලා” ජීවක සමීර දෙසට හැරෙමින් පැවසීය.
”මොන වගේ දෙයක්ද?”
”මගෙ අතින් ඇල්ලූවා ” ජීවකගේ මුහුණ දුටු සමීරට සිනහ නොවී ඉන්නට අපහසු විය. සාමාන්යයෙන් කලබලකාරී අවස්තාවක උනත් ශාන්ත ස්වරූපයෙන් ආවේගශීලී නොවී ඉන්න දක්ශ ජීවකගේ මුහුණේ වූයේ දැඩි නුරුස්සනා ස්වරූපයක්.
”අබා උඹෙ අතින් ඇල්ලූවා ...” ඇස් ගෙඩි ලොකු කරමින් සමීර අහද්දී නම් ජීවකගේ මුහුණ තවත් රත් පැහැ ගැනිනි.
”නෑ අබාගෙ අත මගෙ අතින් ඇල්ලූවා” එසේ කියා ජීවක අඩිය ඉක්මන් කරන්නට විය.
”කලබල වෙන්ඩ එපා සහෝදරයා, ඒ ඔක්කොම මගේ ප්ලෑන්, මේකනේ උඹෙ ජීවිතේ හරියට ශේක්ස්පියර්ගේ මිඞ් සමර් නයිට්ස් ඞී්රම්, නාට්යය වගේ, අනූ උඹෙ පස්සෙන් එනවා , කපිලයා අනූ පස්සෙන් එනවා, අබා උඹෙ පස්සෙන් එනවා”
”මචං මේ අබාට ඔය එක එක කතා කියන්ඩ එපා, සහෝදරකං එක්ක විහිළු කරන්ඩ එපා”
”හරි හරි අබා එන්නෙ නැතිය කියමුකො, අබාට කිව්ව උඹෙ කොක්ක වගේ පෙන්නන්ඩ කියලා අනූ ඉස්සරහ, එතකොටවත් අනූ සැරෙන් සැරේ ඇවිත් ”ඇඞ් ” දාන එක නවත්තයිනේ”
”උඹ කවද ඉඳන්ද මගෙ ජීවිතේ පාලනය අතට ගත්තේ”
”මචං ජීවක, උඹට ඉන්නෙ අපි විතරයි, අපිට ඉන්නෙ උඹ විතරයි, තිලකයා කිව්වෙ නම් ඕකට නොගිහින් ඉන්න කියලා, එ්ත් මට බෑ ඔය ලාන්තරස් දේවල් තව තවත් ඇදි ඇදී අපි පස්සෙ එනවට, විශේෂයෙන් උඹෙ පස්සෙන් එනවට.”
”උඹ මොන කෙංගෙඩියකටද අබාට ඕවා කිව්වෙ”
”අබාට ඕකට යන්න එන්න කියලා කිව්වෙ අපිද ? නෑනේ . මං කලේ අඩු වැඩිය එකතු කරලා ගානට ගේම දෙන එක, එතනින් ඉවරයි, ”චැප්ටර් ක්ලෝස්” ඉවරෙටම ඉවරයි”
”අම්බෝ උඹනම් හොඳ දේශපාලනේට, අපරාදෙ මට තිබ්බෙ මමම අබාව එක්කගෙන යන්න,මදැයි දෙන්නෙක්ට එ්ක පංගනාතු කරලා අන්තිමට වෙච්චි චැඬේ.... මම කැමති නැහැ මිනිස්සුන්ගෙ හිත් රිද්දන්න” ජීවක දැඩි හඩින් පැවසීය
”ඔන්න ඔන්න ඕකනෙ, මචං. කොනිත්ත කොනිත්ත රිද්දන්න ඉඩ දුන්නම උඹේ අතමයි තුවාල වෙන්නේ. උඹමයි මෝඩයා වෙන්නේ අන්තිමට, කොහොමද මගෙ මොලේ”
”බලාගෙන වැස්සේ යන්ඩ එපා ඕකට පිනි බායි ”
”ඒකනේ අපිම ඉන්ඩ ඕනෙ ඉතින්, ආයෙ අනූ එන එකක් නෑ උඹෙ පස්සෙන්”
මතු සබැඳෙයි.


0 comments:
Post a Comment