
24
සමීර සමග බසයෙන් බසිද්දීම ඈ අසලට ආවේ ජීවකයි ”අබා... සමාවෙන්න මෙහෙම කරන්න උනාට””ආ එ්කට මොකද අයියේ මට සමීර කිව්වා විස්තරේ , අපි යමු”
”තිලක් කතා කරාද ? ” සමීර ජීවකගෙන් අසුවේය.
”ඔව් මම කිව්ව තිලක්ට, මේක ඒ හැටි හිතන්න ඕනෙ ප්රශ්නයක් නෙමෙයිනේ”
”තිලක් කියන කතාවත් ඇත්ත බං, එක පාරක් උඹෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරපු කෙනෙක්ට ඔහොම සලකන්න හොඳ නැහැ, උඹ නිසා මම මේ එන්නෙ, නැත්නම් මම මූනවත් බලන්නෙ නැහැ”
”මචං මේ ලෝකෙ හොඳ නරක, හැම එකකම දෙපැත්තක් තියෙනව, වෛර කර කර ඔළුවෙ කුණු පුරවගන්න ඕනෙ නැහැනෙ, මේවා මේ ආත්මෙ විතරයි, මැරෙනකොට මොනවද ගෙනියන්නේ, කරපු හොඳ විතරයි”
”අච්චර දෙයක් කරලත් බබා පාට් පෙන්නන්න එන කොට තමා මචං මට තද වෙන්නෙ”
සමීර අබා සහ ජීවක, සෙමෙන් සෙමෙන් කලාගාරය දෙසට පිය නැගුවේය.
”සෙවනැලි කැටයම්” අනුත්තරා හේවාතැන්නගේ එසේ නම් කර තිබූ පෝස්ටරයක් අභියස නැවතුන ජීවක ”මේ මගේ ඉස්කෝලෙ යන කාලේ යාළුවෙක්” අබාට පැවසීය.
දේශීයපාරම්පරික චිත්රශිල්පය හා මුසුකල නවීන ශිල්ප ක්රමවේදයන්ගෙන් අනූනවූ චිත්ර බොහෝමයක් නරඹන්නන් හට ගෙන ආවේ අළුත් අත්දැකීමක්. රටේ පිළිගත් චිත්ර ශිල්පීන් රැසක් ඒ බිමේදී දුටු විට අබාට ඇතිවුනේ සතුටක්. චිත්ර අතර අතරමංව සිටි ඔවුනට කාලය ගත වෙනවා දැනුනේවත් නැති තරම්.
” මේ චිත්ර ක්රමය හරිම අමුතුයි නේද ?” සමීරත් අබාත් චිත්ර නරඹන අතර ජීවක සිටියේ වෙනම සිතුවිලි ලෝකෙක අතරමංව බව අබාට වැටහුණි.
”දෙයියම්පා මම හිතුවෙ නෑ ජීව එයි කියලා, එසේ කියමින් එතැනට පැමිණි උපැස් යුවලක් පැලඳ කුර්තා හැට්ටයකින් සහ කලිසමකින් සැරසි යුවතියක් ජීවකගේ බෙල්ල වටා අත දමා වැළඳ ගති. එවිටම සමීර ”මේ මමත් ඉන්නවා අපිට නැද්ද ඔහොම පිළිගැනීම්.” කියද්දී ඔහු දෙස බැලූ ඇගේ දෑස් අබා වෙත යොමු විය.
”මේ ආරණ්යා ” අබා වෙත අත දිගුකරමින් ජීවක පැවසීය.
වමතින් ජීවකගේ වැලමිට ළඟින් අල්ලාගත් අබා, ”ආයුබෝවන් ! හමුවීම සතුටක්” කීවාය.
අනුත්තරාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන අයුරු දුටු සමීරගේ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්. එ්ත් ජීවකටනම් දැනුනේ පුදුමයක් , ඒ , අතින් අල්ලනවා තියා ළඟින් ඉඳගෙන කථාවත් නොකරන අබාට මොනවා වෙලාද මේ කියලා
” ඕගොල්ලො... බැලූවද චිත්ර ටික” තම හිතේ ඇතිවුන චකිතය මැදින් අනුත්තරා තම අතවූ පත්රිකා කිහිපයක් ජීවක වෙත දිගු කළේය.
”ඔයාගෙ කවි කීපයක් එකතු කලා පත්රිකාවට, අර ඉස්සර මට ලියලා දුන්නු එ්වා”
”ආ එ්ක මොනතරම් හොඳද” ජීවක ඒවා දෙස නොබලමින්ම එම පත්රිකා අබා වෙත දිගු කළේය.
පත්රිකාවේ මුල් පිට සිතුවම් කීපයක් යටින් ජීවක ලියූ කවක් විය
කඳු දොර ඉම සිඹින
සුළං කෝඩය මන්ද
අනුහස් දෑත් තුඩගින්
කෙළි කවටකම් මටම
සුමට හිත් තලන
කරවටක් රැඳි දුක්
එක පින්සල් පහරකින්
දිය සායම් පොදකින්
බැරිය සඟවන්න
ජීවක
සුළං කෝඩය මන්ද
අනුහස් දෑත් තුඩගින්
කෙළි කවටකම් මටම
සුමට හිත් තලන
කරවටක් රැඳි දුක්
එක පින්සල් පහරකින්
දිය සායම් පොදකින්
බැරිය සඟවන්න
ජීවක
”මාර රියලිස්ටික්, ” අබා ඒ දෙස ඇඟිල්ල දිගුකරමින් ජීවක දෙසට දිගු කළාය. උරහිස් දෙක උඩට උස්සා පහත හෙලා, ”මන්දා” යැයි කියූ ජීවක නැවත තවත් සිතුවමක් බලන්නට ඉදිරියට පිය මැන්නේය.
මතු සබැඳෙයි.


2 comments:
Hi Bodini
I really like to this novel. It brings me back to the university life... Go on...!!!
මැරෙනකොට මොනවද ගෙනියන්නෙ, කරපු හොද විතරයි : සැම අයෙකුම එහෙම හිතනවානම් කොච්චර හොදද?එහෙනම් මේ සමාජය කොච්චර සුන්දර වේවිද?පව පින කියන සන්කල්ප විශ්වාස කරලා, ඒ අනුව වැඩ කරන්න ඔනි.
Post a Comment