නවකථාවේ කොටසක් නොවේ....
මාධ්‍ය සදාචාරය ගැන දොඩන, ඔවුන් බ්ලොග් කරුවන් මර්දනය කිරීමට ඒ අඩවි තුලින්ම කරනා දෑ දැක්ම නින්දා සහගතය.
මෙය බොහෝ දෙනෙකුට මුහුණ පාන්නට විය. හැම දේ ගැනම නිරන්තරයෙන් මම ද හැකි පමණින් පැහැදිලි කර දුන්නෙමි.
අන්තර්ජාලය තුල මගේ නවකථාවේ කොටස් පවා කොපි කරමින් දැන් එක්තරා අඩවියක පළකරනු, දුටු පිරිස් මා හට ඒ බව දැනුම් දුන් නිසා මෙලෙසින් ලියමි.
පැය 24 පුරා පරිඝණකයක් ඉදිරියේ නැති නිසාත්, අන්තර් ජාල පහසුකම් නැති නිසාත් නිතර ලිවීමට අපහසුය. එහෙයින් අන්තර්ජාලය පිරික්සන නිමේෂයේ ඇසෙන එවැනි "කශේරුවක්" නැත්තන්ගේ කතා ගණන් නොගෙන සිටීම වැදගත් බව සැබැවි.
මම ස්වාධීන ලියන්නෙක්. මා ඇතුලු බොහෝ පිරිස ඔය ලියන අනෝනිමස්ලා මෙන් සැඟවිච්ච පිරිසක් නොවේ. හරි නමකින් නොලියන එවන් කෙනෙක් / පිරිසක් විසින් "මගෙ පස්සෙන් එන්න" නමින් ලියැවෙන නවකථාවද copy කරමින් එතැන මගේ නමින් කොටසක් ඈඳාගනිමින් අලවමින් සිටිති. ඔවුනට උවමනා එවැනි ආකාරයේ ආරවුල් ඇති කර තම comment ගොඩ වැඩි කරගන්න බවද පැහැදිලි ලෙස දකින්න ලැබේ. මා එවැනි අඩවි වල කොහෙත්ම පිළිතුරු comment නොදමන බව මා දන්නා හඳුනන සියල්ලන්ටම පැහැදිලිය.
ස්වාධීන ලියන්නන් හැටියට අපට තියෙන ශක්තිය ඔවුනට නැති එක ලැජ්ජා සහගතය. ඉතින් එවැන්නවුන් ලියන දෑ ගණන් ගනේ කවුරුන්ද ?
මම මගේ අඩවියේ ලියනා දෑ ගැන කෙළින් සංවාද කිරීමට අපොහොසත් එවැන්නන්, මෙහි ලියනා දෑ පවා කොපි කර එතැන මා නමින් ඇනෝනිමස් දෑ ලියයි. මට කියන්න තියෙන්නෙත් මෙපමණයි. බ්ලොග් ලියන්නෙකු හෝ වෙන අයකු හෝ තමන්ගේ අඩවියේ සදාචාර විරෝදී වැඩ කරද්දී ඒවා නවත්වා ගැනීම එම අඩවි පාලකයන් සතු යුතු කමකි. අනුන්ගේ අඩවි වල මොනවා පල කරගත්තත් අපට ඒ සඳහා කරන්න කිසි දෙයක් නොමැත. මට කළ හැක්කේ ඔබව දැනුවත් කිරීම පමණි.
If you want comments for your blog posts, please try to write some thing productive and valuable for the community rather than making your blog a platform to disgrace others.
Try to gain comments which are relevant to what you write rather than "discussing people" in your blog.
Great minds discuss ideas
Moderate minds discuss events.
Poor minds discuss people.
එවැන්නන් හට මෙය කදිම පිළිතුරකි. "කං කං කං"
Tuesday, 21 April 2009
Saturday, 18 April 2009
විහිං අපාගත වෙන්ඩ දඟලන මිනිස්සු
48
ශාලාව ඈත තියාම දුටු ජීවකගේ සිතට ආවේ කළකිරීමක්. වෙනත් කෙනෙක් අමාරුවෙන් වැර වෑයමෙන් සෑදූ දෙයක් විනාශ කරන්න, තව කෙනෙක්ට ගත වෙන්නේ සුළු වේලාවක්. එහෙම විනාශකාරී පාපී සිත් ඇත්තන් අනුන්ට අවැඩක් කරනවා මෙන්ම, තමන්ගේ පව් කර්ම ගොඩ වැඩි කරගෙන තමන්ටද අවැඩක් කර ගනිති. සෑම ආගමකම උගන්වන්නේ හොඳ දේ කිරීමටයි. පාපී ක්‍රියාවල යෙදෙන්නන් එක්කෝ කිසිම ආගම දහමක් නොදන්නා අය වෙන්න ඕනෑ, එහෙම නැත්නම් මානසික අවපීඩනයට ලක්වුනු අය විය යුතුයි. ඔවුනට නිරවුල් මනසක් සහිතව ක්‍රියා කල නොහැක්කේ එහෙයිනි. සමාජය කෙරෙහි වෛරයෙන් පසුවන ඔවුන් හට අනුකම්පා කළ යුතුය."මොකද මේකට අපි කරන්නේ ?" ශාලාව වටේ ඇවිදින ගමන් දනුක. සෙසු සියල්ලන්ගෙන් ඇසීය.
" මොකුත්ම කරන්න ඕනේ නෑ." ජීවක කියද්දී අනෙක් අය ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
"මේක කරපු කෙනාට අවශ්‍ය වෙලා තියෙන්නේ කළු ගාගන්න. එතකොට අපි මේකට සුදු ගානවා කියන්නේ අර අතපය තියාගෙන නිකම් ඉන්න බැරි අපතයෝ ආයෙත් මොනවා හරි කරනවා, ඊට වඩා නරකද මචං උංගේ මන දොල සංසිඳෙන්නත් එක්ක ඔන්න ඔහේ තියෙන්න අරිමු. " ජිවක ඇසීය.
"මාර කතාවක්නේ බං ඒක." සමීර ඔහු දෙස බලමින් පැවසීය.
"අපි මේවා මැකුවම , ආයේ මොකක් හරි කරයි. මචං ඔය විගඩම් කාරයින් කරන ඒවාට විරුද්ධ වෙන්ඩ අපිට වෙලාවක් නෑනේ. මේවා කරන්නේ කවුරු හරි ජීවිතේ කිසි අරමුණක් වැඩක් නැති පිරිසක්. ඉතින් එහෙම එකේ, අපේ වෙලාවත් ඉතුරු වෙනවා , අපි මේක මෙහෙමම තියෙන්න අරිමු. " ජීවක පිළිතුරු දුන්නේය.
"ජීවා කියන එක හරි. බුදුහාමුදුරුවන්ටත් මාර සේනාවක් හතුරු කම් කල එකේ මේ මොනවද ඉතින්" තිලක් පැවසීය.
"බලන අයට තේරෙනවනේ මේක අපේ වැඩක් නොවෙන විත්තිය. දවසක මේවා කරන එවුන් දුක්වෙනවා මචං. කරපු වැරදි මතක් වෙනකොට ඒවා නිවැරදි කරගන්න ඒ ගොල්ලො පරක්කු වැඩියි. දවසක තමං කරපුවා දකිද්දී ඒවා දැක දැක දුක්වෙන්ඩ වෙනවා. ලෝකේ ඇත්ත කියලා දෙයක් තියෙනවනේ මචං" ජීවක කියද්දී, සමීර , තිලක් සහ දනුක කළු තෙල් ඉස තැනින් තැන අපිරිසිඳු කර තිබූ ශාලා බිත්තිය දෙස බලා සිටියෝය. තරුණයන්ගේ සිත්වල ඇති වූයේ කණස්සල්ලකි.
ශාලාව ඇතුලට පිවිසි ඔවුනට. කොටු දැල තුලින් ඇතුලට හැලූ කළු තෙල් බිම පුරා විසිරී තිබෙනු දුටු විට දැඩි කණගාටුවක් දැනිනි.
"කාටවත් කරදරයක් නොකර ඉංඳෙද්දි මුං අපිට ඉන්ඩ දෙන්නේ නෑනේ" සමීර රෙදි කඩක් ගෙනැවිත් ඒවා පිස දමන්නට උත්සහ කරමින් පැවසීය.
"බොරුවට ආයුෂ අඩුයිනේ අයියා." මේස කිහිපයක් මත විසිරී තිබුනු කළු තෙල් ඉවත් කරමින් දනුක කීවේය.
"මට දුක විහිං අපාගත වෙන්ඩ දඟලන මිනිස්සු ගැන............ හොඳ දේට හොඳ එකතුවෙනවා, නරකට නරක එකතුවෙනවා. හොඳ දේ, නරක විසින් මර්ධනය කරන්න හදනවා මේක සමාජයේ හැම ස්ථරයකම දකින්න ලැබෙන දෙයක්." තිලක් කීවේය
"අනික මචං මේක දකින අය කියන්නේ, මොන තරම් අපරාධයක්ද, ළමයින්ට නිවි සැනසිල්ලේ පාඩම් කරන්න තිබ්බ තැන නේද කියලනේ" සමීර කීවේය.
"අපි සදාකාලික ජීවත් වෙන්න ආපු අය නෙමෙයි. අපිව දන්න අය දන්නවා අපි කවුද, අපි මොනවද කරන්නේ කියලා. තමන්ගේ ගොඩ වැඩි කරගන්න ඕනෙ දහ ජරා වැඩක් කරන මිනිස්සු අද ඉන්නේ. අනික අපි කරන දේවල් වලට සියයට සීයක්ම හැමෝම එකඟ වෙන්න ඕනේ නෑ. මේ ශාලාව, ඩෙස්ක් බංකු පුටු, හැම දෙයක්ම තාවකාලිකයි. දවසක හැම දේම වෙනස් වෙනවා. එදාට මෙතන අපි නෑ. සංසාරේ හැටි එහෙමයි. ඉන්න ටික කාලේ ජීවිතේ හරියට තේරුම් අරගෙන හිටියහම ඉවරයි." ජීවක කොටු දැලෙන් පිටත පෙනෙන, ඈතට විහිදුනු ලෑලි ගෙවල් පුරවරය දිහා බලමින් පැවසීය. ..................................................................
Tuesday, 14 April 2009
එයාලගෙම හෘද සාක්ෂිය ඒ අයට උත්තර දෙයි...
47
දේශන ශාලාවෙන් පිටතට ගිය කුසල්, අත්වාරු දෙකට බර දී හෙමින් හෙමින් කොර ගසමින් ඇවිදින්නට විය. ගැහැණු ළමයින් පිරිසක් සිටින තැනකදී වැටෙන්නට ගිය ඔහු නැවත ඇවිදින්නට විය. ඉන්පසු පියවර කිහිපයක් ඇවිද එකවරම ඇද වැටිනි. වටේ සිටි ළමුන් පිරිස එක් රැස්වී ඔහුව නැගිටුවා අත්වාරු දෙක ඔහුට දුන්නෝය. සිනහවක් පා ස්තූතියි කියමින්, අත් වාරු දෙක වෙනම අත් දෙකෙන් ඔසවාගෙන හොඳින් පියවර තබමින් ශාලාව වෙත ආවේ බලන් සිටි සියල්ලෝම සිනා සයුරේ ගිල්වමින්. උදව් කරන්නට පිටත රැස්වූ පිරිස අයා ගත් මුවින් මොහුගේ රඟපෑම දිහා බලාගෙන තමාව විහිළුවකට ලක්වූ නිසා "පිස්සෙක් " යැයි බැණ බැණ එතැනින් ඉවත්ව යන්නට විය.අහිංසක විහිළු තහළු වලට තැනක් නොතැනක් නැත. මිනී මරාගන්න තරම් ඒවා දුර දිග යන්නේද නැත. ඔහු ශාලාව වෙත පැමිණීමට කලියෙන් දේශක තුමන් එහි ඇතුල් විනි. පිරිස පුදුමයට පත් කරමින්, අත්වාරු දෙක යොදාගනිමින්, එක විට අත්වාරු දෙකම එක තැන තබා, ඊට බර දී ඈතට පනිමින්, ශාලාවේ බංකු පේලි අතර මැද වූ ඉඩ ප්‍රමාණයේ ඉදිරියට පනිමින් පැමිණි ඔහු ඉදිරි පෙළ අසුනක හිඳ ගත්තේ තැනින් තැන නතරකරන්නට වෙර දරන සිනා හඬ මධ්‍යයේය. දේශක තුමන්ද තමන්ගේ සිනහව පිටතට නොපෙන්වා තදකරගෙන සුදු බෝඩ් එක දිහාවට හැරුනේ මද සිනහවක් මුවේ රඳවාගෙනයි.
.............................................................
පසුදින ආපනශාලාවේ කෑම කන අතරතුර තිලක්ගේ දුරකථනය නාදවිය. ඔහු ඒ දිහා බලා " මචං දනුකයා" යැයි ජීවකට පවසා බැහැරට ගියේ ආපන ශාලාවේ පැවති ශබ්දය නිසා කිසි දෙයක් නො ඇසෙන නිසාවෙනි.
තිලක් නැවත පැමිණියේ බොහෝ බැරෑරුම් මුහුණක් මවාගෙනය.
"හෝල් එකේ තාප්පේ වටේ කලු තාර හලලා" තිලක් වාඩි වෙමින් පැවසුවේය.
"මොනවා, ඒ මොකාද ඒ" සමීර හිඳි පුටුවෙන් නැගිටමින් ඇසීය.
"මොහොමඩ්ගේ කඩේ අනුර කෝල් කරලා දනුකට කියලා තියෙන්නේ, දනුක හවසට එනවා කිව්වා. බලපන් මචං කොහෙං හරි කරුමක්කාරයෙක් ඇවිත් අපේ ජීවිත දේවල් අවුල් කරනවා" තිලක් ජීවක දෙස බලමින් පැවසීය.
"අපි කලබල වෙන්න නරකයි. කවුරු හරි ඕවා හැංගිලා කරන්නේ එළිපිට අපිට මුහුණ දෙන්න බැරි බෙලහීනයෙක්. " ජීවක අනාගත් බත් ගුලි එකිනෙක කමින් සැහැල්ලුවෙන් සිටින හැටි දුටු විට සමීරට පුදුම හිතිනි.
"මචං ජීවා, හොඳ සිහියෙන්ද. හෝල් එකේ බිත්ති , කළුපාටින් පාට කරලා " සමීර සෙමින් වචනෙන් වචනේ බර කරමින් පැවසීය.
"මට ඇහුනා, මම කියන්නේ කළු පාට ගෑවාට අපි කලබල වෙන්ඩ ඕනෑන් නෑ, ඒක කොහොමත් මොන පාටක්වත් ගාලා තිබ්බේ නෑනේ මචං" ජීවක කීවේය.
"ඉතින් එහෙම කියලා උන්ට ඔහොම ඕනෙ ඕනෙ විදිහට නටන්න ඉඩ දුන්නම හරිද ?" තිලක් විමසීය
"මේකනේ, අපි එක්ක ප්‍රශ්නයක් තියෙනවානම් කෙලින් ඇවිත් කතා කරන්න බැරි උන් ඉන්නවනේ, අන්න එහෙම නිවටයින්ගේ ඔය වගේ වැඩ වලට අපි කලබල වෙන්න ගියොත් සැලෙන්න ගියොත් උන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ උනා වගේ. "
"එහෙම කියලා නිකම් ඉන්න කියලද උඹ කියන්නේ උන්ටම ගිය රටනේ " තිලක් ගේ හිතේ ඇතිවුනේ විමතියක්. පෙරදින තරුණ මල්ලිලා සහ පන්සල සම්බන්ද සිදුවීමේදී බොහෝ සෙයින් කිපුනු ජීවක දැන් මේලෙස සාවධානව සැහැල්ලුවෙන් සිතන්නේ කොහොමද ? යන්න ඔහුගේ සිතේ ඇතිවුන ගැටලුවයි.
"හොඳක් කරන එකාට ඒක කරන්න දෙන්නැති ඔහොම අපතයොත් ඉන්නවා, ඒක එයාලගේ කරුමය මිසක් අපේ කරුමය කරගන්න ඕනේ නෑ අපි." ජීවක ඔවුන්දෙස බැලුවේ මුහුණේ මද සිනහවකුත් ඇතිවය.
"දවසක හෝල් එක බිමට කඩලා දාලා තිබ්බොත් එදාට මොකද කරන්නේ" සමීර ඇසීය.
"මචං ඒ තරම් හරියක් කරනකම් ඔය වටේ පිටේ මිනිස්සු නිකම් ඉඳීවි කියලද හිතන්නේ , දැං කලබල උනා කියලා අපිට කරන්න දෙයක් නෑනේ. හවසට ගියාම බලමු, දැං දෙන්නම කාලා ඉඳිං" ජීවක කීවේය.
"මේකට මොනා හරි කරන්න ඕනේ මචං" තිලක් නැවතත් එහෙම කියද්දී ඔහු දෙස බැලූ ජීවක මෙසේ කීවේය.
"කෙළින් ඇවිත් මූණට දෙයක් කියන්ඩ බැරි කොන්දක් නැති පෙන්දොන්ට මොනවා කරන්ඩද ? ඒක උන්ගේ කරුමේ. දවසක එයාලගෙම හෘද සාක්ෂිය ඒ අයට උත්තර දෙයි මචං නියමෙට. එතකං අපිට තියෙන්නේ බලාගෙන ඉන්ඩ. "
"ජීවා උඹ කියන දේත් ඇත්ත තමයි. ඒත් මචං" සමීර යමක් පවසන්න තැත් කරද්දී ජීවක නැවත මෙසේ කීවේය.
"ඔය කරපු උන්ට අවශ්‍යත් අපිව කලබල කරවන්ඩ. එහෙම එකේ ඕවා ගණන් නොගෙන හිටියම ඉවරයි"
" උඹ කියන්නේ මොනවත්ම කරන්නේ නැද්ද ?" තිලක් විමසීය.
"හරි මචං අපි කරනවා , ඒත් ඒක ඔය වැඩේ කරපු එවුන්ට ඕනේ උන තාලේ දෙයක් නෙමෙයි. අපි කරන දේ හැංගිලා කරන්නේ නෑනේ, අවශ්‍ය කෙනෙක් ඇවිත් මූණට කියනකම් අපි ඉවසමු මචං" ජීවක සිය සගයින් අස්වසමින් පැවසීය.
" මුං එන්නේ නෑනේ අපේ ඉස්සරහට මේවා කරන්ඩ, ඔක්කොම හැංගිලා අංචි අදින අපතයෝ" සමීර මේසය මතට තම අත මිට මොළවා ගසමින් පැවසීය.
" දැං කලබල උනා කියලා මොකුත් කරන්ඩ බෑ මචං. අපේ මට්ටම අපි හඳුනාගන්ඩ ඕනේ. වත්තේ ඉන්න ඒ වගේ පිරිසක් එක්ක හැප්පෙන්ඩ අපිට බෑ. ඒ මිනිස්සුන්ට හරි හමන් උගත්කමක් , සංයමයක්, තිබ්බනම් ඔහොම නිකම් තර්ඩ් ක්ලාස් වැඩ කරන්නේ නෑනේ" ජීවක කීවේය.
Tuesday, 7 April 2009
ඔය වගේ අය අනන්තවත් ඉන්නේ
46
පැමිණ සිටියේ ඩෙනිම් සයිමන් ය. මුහුණ පුරා වවාගෙන සිටි රැවුල බා, පිරිසිඳු කමිසයක් හැඳි හේ ලොකු හිනාවකින් මුව සරසාගෙන ඇතුලට පැමිණියේය."ආ සයිමන් අන්කල් කොහොමද ? මොකෝ මේ පැත්තේ" ඔහු දුටු විගස සමීර විමසීය.
"මම යනවා සර් , මාලබේ අපේ දූ ළඟට." සයිමන් තරුණයන් දෙස සිනාමුසු මුහුණින් බලමින් කීවේය.
"කොයිතරම් හොඳද ලොකු උන්නැහේ. හොඳින් ඉන්න, දීප්ති නංගිව මතක් කලා කියන්නකෝ" ජීවක කීවේය.
මිනිසුන් බොහෝ ලෙස වරදෙහි බැඳෙති. නමුත් ඇතැමෙක් ඒ වැරදි නිවැරදි කරගැනීමට තරම් තත්‍ය මානසික මට්ටමකින් යුත්තෝ වෙති. වරදක් පෙන්වූ විගස එය තේරුම් ගෙන හැදෙන පිරිස් විරලය. ජීවක සමීර සහ තිලක්, යන මේ තරුණයන් තිදෙන තම අවට ජීවත් වෙන පැල්පත් වාසීන්ගේ සුභ සෙත තකා යම් යම් දෑ කලද ඒවා සුභවාදී ලෙස දකින්නෝ විරලය. එකිනෙකා දමාගෙන සිටින කණ්නාඩි නොයෙක් පැහැ වෙයි. එක්කෝ දේශපාලනික කණ්නාඩි පැළඳ සිටී, එසේත් නැත්නම් ජාති ආගම, කුළ යන මේ විවිධ තලයන්හි නොයෙක් මානයක් ඔස්සේ සමාජයේ වෙසෙන්නෝ බෙදී වෙන්වී සිටී. මේ බෙදීම නැති කරන්න නම් කළ යුත්තේ තමන් වෙනස් වීම බව ඔවුන් නොදනී. එකා සැමටත්, සැම එකාටත් යන පැරණි කියමන ඉස්මතු කරමින් සමාජ සාධනයේ යෙදෙන පිරිස් මෙකළ විරලය. සෑම දේකින්ම තමන්ට යමක් සොයා ගන්න අර අඳින සමාජයක අවංකව සේවය කරන්නෝ සෙවීම කළුනික සොයන්නාක් වැනි වැඩකි.
.......................................................
"මචං ඊයේ සමන් ට මරු වැඩේ වෙලා තියෙනේ " දේශනය පටන් ගැනීමට අඩ හෝරාවක් පමණ තිබුනද, ජීවක, සමීර ඇතුලු පිරිස ශාලාවේ හිඳගෙන සිටියෝය. එහි දිව ආ ඔවුන්ගේ සගයෙක් එසේ කී විගස, පුටු කිහිපයක් එක් කොට වැතිර නිදා සිටි සමීරද කලබලෙන් නැගිටින්න ගොස පුටු පෙරලාගෙන බිම වැටිනි.
"මොනවා වෙලාද?" ජීවක ඇසුවේය.
" පොර උපන්දිනේ නිසා, අර හිඟන්නො හොය හොයා ගිහින් බත් පාර්සල් බෙදනවනේ. උඹලා ඒ සීන් එක දන්නවනේ" එසේ කියූ පාලිත ඔබ මොබ බැලුවේය.
"ඉතින් කියපන්" නො ඉවසිලිමත් සගයෙක් පිටුපස සිට කෑ ගැසීය.
"හරි හරි, ඉතින් මෑන් මේ සැරේ බත්තරමුල්ල පැත්තෙ ගිහින්, හංදිය හරියේ නාවර පෙරාගෙන හිටපු හිඟන්නෙක්ට කතා කරලා, එක්කන් ගිහින් ඇඳුම් අරන් දෙන්ඩ. හිඟන්නා පණ එපා කියලා දුවලා, දුවද්දි එතන ඉස්සරහ චෙක් පොයින්ට් එකෙන් අල්ලගෙන, බලද්දි වෙස් වලාගෙන ඔත්තු බලපු කොටියෙක්ලු. " පාලිත හුස්මක් කටක් නොගෙන පවසයි.
"ඉතින් චෙක් පොයින්ට් එකේ අය දැකලා සමන් මූ එක්ක කතා කරනවා. ඒපාර සමන්ගෙන් ප්‍රශ්න කරලා, මූ කියලා නෑ තාත්තගේ වත ගොත. මූටත් පොලිස්සි යන්න වෙලා. පස්සෙ ගිහාම අහද්දි කියලා, උගෙ තාත්තා අහවලා කියලා. පොලිස්සියෙන් ඩබල් සැලූට් ගහලා මිනිහව ගෙදර යවලා . " පාලිත එසේ කියද්දී සියල්ලෝම තුෂ්නිම්භූතවී අසාගෙන සිටියේය.
"පොර උපන්දිනේ කියලා අපිට කිව්වෙවත් නෑ නේ ? " එකෙක් කීය.
"සමන් බජව් දාගෙන උපන්දින සමරන එකෙක් නෙමෙයි නේ" පාලිත පැවසීය.
"හැබෑට කවුද සමන්ගේ තාත්තා...?" සමීර පාලිතගෙන් ඇසීය.
"ඇයි හලෝ අර ඇමතිනේ" පාලිත පිළිතුරු දුන්නේය.
"හැබෑට අපි දැනං උන්නෙ නෑනේ. මූ මාර පොරක්නේ, මූ අපිත් එක්ක එහෙනම් පිකටිං කරන්ඩත් එන්නේ" අසල සිටි අනුර පවසයි.
"එකට හිටපු අපිටවත් මූ කිව්වේ නෑනේ" තවෙකෙක් දොස් නගයි
" එහෙම තමයි බං ඒකට කියන්නේ නිහතමානී කම, බොහොම නිහඬව තමන්ගේ වැඩක් බලාගෙන රටටත් වැඩක් කරලා ඉන්න අය ඉන්නවා.එක එක්කෙනාගේ ජීවිත වල පුද්ගලිකත්වයට ගරු කරන්ඩ ඕනා මචං" ජිවක පවසද්දී සමීර දෙස බැලුනේ ඉබේමයි. සමීර ජීවක දෙස බලා ඔළුව දෙපසට වනමින් සිනා සෙන්නට විය.
"ඔය වගේ අය අනන්තවත් ඉන්නේ" හේ කීවේය.
සමීරයා තමන් ගැන තවත් මොකක් හරි අමුතු කතාවක් කියයිද? යන දෙගිඩියාවෙන් ඊළඟ මිනිත්තු කිහිපය ගෙවී ගියද ඉහත කතා බහ කෙරුණු සමන් නැමැති ශිෂ්‍යයා ඔවුන් අතරට පැමිණි හෙයින් සියල්ලෝම නිහඬ විය.
සමන් ශාලාවට ඇතුල් වෙද්දීම, නැගිටගත් කිහිප දෙනෙක්, අත් ඉහළට ඔසවා, කකුලකුත් නවා, ආචාර කරන්නට විය.
ඔවුන් දෙස බැලූ සමන් " අපෝ මුන් රොයිටර්ලටත් අහපංනේ" කියමින් සිනහා වෙමින් ඉදිරිපස පේළිය බලා ගමන් කළේ, සෙසු පිරිසගේ සිනා හඬ මධ්‍යයේය.
තමන් ගැන මොවුන් දැනගත් දිනෙක කුමක් කියයිද ? කොපමණ කලක් මේ සියල්ල සඟවාගෙන උපන් පෙදෙසින් තුරන් වී සිටින්නට හැකිවේද ? බැරිවෙලාවත් තමන්ගේ පියා එවකට රජයේ හිටපු ඉහළම පෙළේ දේශපාලකයෙක් විත්තිය හෝ දැන් ජීවත්ව සිටින මායාදුන්නේ ඇමති තමන්ගේ ලොකු අප්පච්චී බව යහළුවන් දැන ගත් දිනෙක කුමක් කියාවිද. ඒත් තමන්ට ඒ අතීතය කිසිසේත්ම වැදගත් නොවන්නක් වුවද, ලෞකික දෑ පසු පස දුවන සමාජයට ඒවා මනරම් පැලැස්තර නොවන්නේද. තමා අසවලාගේ කෙනෙක්, අසවලා තමාගේ නෑයෙකැයි පවසාගන්නා පිරිස් කෙතරම්ද ? තමාට ඇති දෑට වඩා උසස් වීම් උලුප්පා පෙන්වා ඒ මතින් ජීවිත මට්ටම් ඇති කරගන්නෝ බොහෝය.
අතීත මතකයන් සමග තමා පසු පස නිරන්තරයෙන් ලුහුබඳින උපන් පෙදෙස අත හැර කොළඹ රටේ අගනුවර සැඟවුනේද මේ නිසා නොවෙද ? අප්පච්චී සහ අම්මා අද සිටියානම් තම ජීවිතය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනු ඇතැයි ඔහුට සිතේ.
"මොනවා වෙලාද?" ජීවක ඇසුවේය.
" පොර උපන්දිනේ නිසා, අර හිඟන්නො හොය හොයා ගිහින් බත් පාර්සල් බෙදනවනේ. උඹලා ඒ සීන් එක දන්නවනේ" එසේ කියූ පාලිත ඔබ මොබ බැලුවේය.
"ඉතින් කියපන්" නො ඉවසිලිමත් සගයෙක් පිටුපස සිට කෑ ගැසීය.
"හරි හරි, ඉතින් මෑන් මේ සැරේ බත්තරමුල්ල පැත්තෙ ගිහින්, හංදිය හරියේ නාවර පෙරාගෙන හිටපු හිඟන්නෙක්ට කතා කරලා, එක්කන් ගිහින් ඇඳුම් අරන් දෙන්ඩ. හිඟන්නා පණ එපා කියලා දුවලා, දුවද්දි එතන ඉස්සරහ චෙක් පොයින්ට් එකෙන් අල්ලගෙන, බලද්දි වෙස් වලාගෙන ඔත්තු බලපු කොටියෙක්ලු. " පාලිත හුස්මක් කටක් නොගෙන පවසයි.
"ඉතින් චෙක් පොයින්ට් එකේ අය දැකලා සමන් මූ එක්ක කතා කරනවා. ඒපාර සමන්ගෙන් ප්‍රශ්න කරලා, මූ කියලා නෑ තාත්තගේ වත ගොත. මූටත් පොලිස්සි යන්න වෙලා. පස්සෙ ගිහාම අහද්දි කියලා, උගෙ තාත්තා අහවලා කියලා. පොලිස්සියෙන් ඩබල් සැලූට් ගහලා මිනිහව ගෙදර යවලා . " පාලිත එසේ කියද්දී සියල්ලෝම තුෂ්නිම්භූතවී අසාගෙන සිටියේය.
"පොර උපන්දිනේ කියලා අපිට කිව්වෙවත් නෑ නේ ? " එකෙක් කීය.
"සමන් බජව් දාගෙන උපන්දින සමරන එකෙක් නෙමෙයි නේ" පාලිත පැවසීය.
"හැබෑට කවුද සමන්ගේ තාත්තා...?" සමීර පාලිතගෙන් ඇසීය.
"ඇයි හලෝ අර ඇමතිනේ" පාලිත පිළිතුරු දුන්නේය.
"හැබෑට අපි දැනං උන්නෙ නෑනේ. මූ මාර පොරක්නේ, මූ අපිත් එක්ක එහෙනම් පිකටිං කරන්ඩත් එන්නේ" අසල සිටි අනුර පවසයි.
"එකට හිටපු අපිටවත් මූ කිව්වේ නෑනේ" තවෙකෙක් දොස් නගයි
" එහෙම තමයි බං ඒකට කියන්නේ නිහතමානී කම, බොහොම නිහඬව තමන්ගේ වැඩක් බලාගෙන රටටත් වැඩක් කරලා ඉන්න අය ඉන්නවා.එක එක්කෙනාගේ ජීවිත වල පුද්ගලිකත්වයට ගරු කරන්ඩ ඕනා මචං" ජිවක පවසද්දී සමීර දෙස බැලුනේ ඉබේමයි. සමීර ජීවක දෙස බලා ඔළුව දෙපසට වනමින් සිනා සෙන්නට විය.
"ඔය වගේ අය අනන්තවත් ඉන්නේ" හේ කීවේය.
සමීරයා තමන් ගැන තවත් මොකක් හරි අමුතු කතාවක් කියයිද? යන දෙගිඩියාවෙන් ඊළඟ මිනිත්තු කිහිපය ගෙවී ගියද ඉහත කතා බහ කෙරුණු සමන් නැමැති ශිෂ්‍යයා ඔවුන් අතරට පැමිණි හෙයින් සියල්ලෝම නිහඬ විය.
සමන් ශාලාවට ඇතුල් වෙද්දීම, නැගිටගත් කිහිප දෙනෙක්, අත් ඉහළට ඔසවා, කකුලකුත් නවා, ආචාර කරන්නට විය.
ඔවුන් දෙස බැලූ සමන් " අපෝ මුන් රොයිටර්ලටත් අහපංනේ" කියමින් සිනහා වෙමින් ඉදිරිපස පේළිය බලා ගමන් කළේ, සෙසු පිරිසගේ සිනා හඬ මධ්‍යයේය.
තමන් ගැන මොවුන් දැනගත් දිනෙක කුමක් කියයිද ? කොපමණ කලක් මේ සියල්ල සඟවාගෙන උපන් පෙදෙසින් තුරන් වී සිටින්නට හැකිවේද ? බැරිවෙලාවත් තමන්ගේ පියා එවකට රජයේ හිටපු ඉහළම පෙළේ දේශපාලකයෙක් විත්තිය හෝ දැන් ජීවත්ව සිටින මායාදුන්නේ ඇමති තමන්ගේ ලොකු අප්පච්චී බව යහළුවන් දැන ගත් දිනෙක කුමක් කියාවිද. ඒත් තමන්ට ඒ අතීතය කිසිසේත්ම වැදගත් නොවන්නක් වුවද, ලෞකික දෑ පසු පස දුවන සමාජයට ඒවා මනරම් පැලැස්තර නොවන්නේද. තමා අසවලාගේ කෙනෙක්, අසවලා තමාගේ නෑයෙකැයි පවසාගන්නා පිරිස් කෙතරම්ද ? තමාට ඇති දෑට වඩා උසස් වීම් උලුප්පා පෙන්වා ඒ මතින් ජීවිත මට්ටම් ඇති කරගන්නෝ බොහෝය.
අතීත මතකයන් සමග තමා පසු පස නිරන්තරයෙන් ලුහුබඳින උපන් පෙදෙස අත හැර කොළඹ රටේ අගනුවර සැඟවුනේද මේ නිසා නොවෙද ? අප්පච්චී සහ අම්මා අද සිටියානම් තම ජීවිතය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනු ඇතැයි ඔහුට සිතේ.
පසුගිය දිනක සිදුවූ අනතුරකින් කකුල කැඩී අත් වාරු වලින් පැමිණි සගයෙකුගේ අත්වාරු දෙක ඉල්ලාගත් කුසල් නැමැත්තා දේශන ශාලාවෙන් එළියට ගියේ ඔය අතරය.
Thursday, 2 April 2009
බැරිවෙලාවත් අපේ නමක් කිව්වනම්....
45
"මම යද්දි කට්ටිය පංසලේ අර ගෑස්කඩේ ළඟ තාප්පේ ළඟ. උන්ට ඇතුලට යන්ඩ බයේ, හාමුදුරුවන්ට මූණ දෙන්ඩ බෑලු. එහෙනම් ඔහොම ඉඳපල්ලා කියලා මම ගියා හාමුදුරුවන්ව මුණ ගැහෙන්න." ජීවක සිදුවූ සියල්ල විස්තර කරන්නට පටන් ගති."ඉතින් නන්ද හාමුදුරුවෝ මොකද කීවේ" සමීර ඇසීය.
"මම යද්දී හාමුදුරුවෝ හිටියේ ආවාස ගෙයි. ඉතින්, දන්නවනේ මචං හාමුදුරුවන්ගේ හැටි, දරුවොනේ, වැරදි වෙනවානේ, හදා ගමු මහත්තයෝ කියලා කිව්වා."ජීවක පිළිතුරු දුනි.
"ඒක මහ පුදුම කතාවක්නේ, මේ වැඩේ නිසා හාමුදුරුවන්ටත් පොලිස්සියට යන්ඩ උනා, උත්තර දෙන්ඩ, බැරිවෙලාවත් අපේ නමක් කිව්වනම් , අපිත් ගස්. පන්සල විකුණලා ගියත් මොකෙක් හරි ඔයටිකම තමයි අන්තිමට" තිලක් මිට මෙලවූ අතින් මේසය මතට ගසන ගමන් එසේ කීවේය
.
"එහෙම තමයි ආර්‍ය මාර්ගයේ යන උත්තමයෝ. උඹ හිතන්නේ ගහ බැනගෙන මේවා විසඳගන්න පුළුවන් කියලද ?" සමීර විමසීය.
" නන්ද හාමුදුරුවන් ඕ අයි සීට කතා කරලා, එනිසා කලනට අවවාද කරලා එවලා, අනික මචං ලොකු තැන්වල පොරවල් කුඩු බිස්නස් කරද්දී මේ කොල්ලෙක්ගේ සාක්කුවේ තිබ්බ ගංජා සුරුට්ටුවකට මොනවා කරන්නද ?" ජීවක පැහැදිලි කළේය.
"පස්සෙ මම ඇතුලට ගිහින් එද්දි අර රේල් බෝක්කුව ළඟ ගෙදර චුට්ටේ ගේ පුතා දුෂාන් මං ළඟට ඇවිත් කීව්වනේ අයියේ කාටවත් කියන්ඩ එපා, ඔය කලන අයියා පන්සල පිටිපස්සේ තාප්පේ ළඟ ගංජා සිගරට් එකක් බිබී ඉන්නකොට අසේලට අතටම අහු වුනා කියලා. ඒත් අසේලත් වත්තේදී සිගරට් බොනවා කියලා හයියෙන් කිය කියා කලන අසේලට බැනලා, අසේලයි මිනිහයි එතන හයියෙන් බැනගෙන එදා පිංකම් දවසක් නිසා කවුරුත් ඉඳලා නෑ පන්සල පිටිපස්සේ" ජීවක කියද්දී අයාගත් මුවින් සිටි සමීර දුටුවනම ඔහුට සිනහ ගියේය.
"මචං කට වහගනින්, බ්‍රේක් නැති මදුරුවෙක්වත් රිංගයි " ජිවක එහෙම කියද්දී සමීරට තමන් සිටි ආකාරය මතක් වුනේ.
"මගෙ කට දිහා බලන්නේ නැතුව කියපන් ඉතින් ඊටපසේ මොකද උනේ " සමීර නො ඉවසිලිමත්ව විමසීය.
" දැං මේක ප්‍රසිද්ධියෙ අහන්ඩත් බෑ. අර පොඩි එකා හවුවෙනවනේ. හාමුදුරුවන්ට කියන්නේ කොහොමද මුන් පන්සලෙත් සිගරට් බොනවා කියලා. මට අන්තිම කලකිරීමක් ආවේ, අපි කොයි තරම්නම් කියනවද, පෙන්නනවද, මුන්ට හැදෙන්න මේ අවටම කොච්චරනම් පේන්න තියෙනවද කාලකන්නි වෙච්ච ජීවිත" ජීවක කියවාගෙන යයි.
"මෙච්චර කියලත්, පෙන්නලා දීලත්, මුන්ට හැදෙන්ඩ බැරිනම්..... මං තව මොනා කරන්නද මචං. දනුක, නියාස්, අරුණ මේ අය දිහා බලලවත් මුන්ට මිනිස්සු වගේ ජීවත් වෙන්ඩ බැයිද ? "ජීවක පවසයි.
"මට තේරෙනවා මචං උඹට වගේම අපිටත් දුකයි. උඹ උන්ට අප්පච්චියෙක් වගේ අවවාද කලේ, අපිට වඩා වෙහෙසුනේ උඹ" සමීර , ජීවක අස්වසන අටියෙන් පැවසීය.
"මම හිටියනම් මචං පන්සල කියලා බලන්නේ නෑ, ගේට්ටුවෙන් එළියට ඇඳං ගිහින් කණට දෙකක් ගහනවා. ඔය අසේලයත් හරියන එකෙක් නෙමෙයි" තිලක් ඉඳුල් අත හරවා ගහන ආකාරයෙන් ඉඟි කරමින් පැවසීය.
" මටත් මහ පුදුම විදිහට කේන්ති ආවා බං මුං අර වඳුරන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගහන සයිස් එකේ උන්නේ" ජීවක පැවසීය.
"ඉතින් උඹ මොකද කලේ" තිලක් ඇසීය.
" මට ආපු කේන්තියට දෙපිටින් යන්ඩ කිව්වා හැමෝටම. ඉන්නවනම් හරියට ඉන්නවාලා, නැත්නම් මෙතනින් හොඳ හිතින් යන එක හොඳයි කියලා, මොකද බං කරදඬු උස් මහත් වෙච්ච මුංව අපිට හදන්ඩ බෑනේ. "ජීවක එසේ කියද්දී සමීරට පුදුම සිතිනි. සාමාන්‍යයෙන් කිසිවකට තරහා නොගන්නා ජීවක මෙලෙස හැසිරීම නම් එක්තර විදිහක පුදුමයක්.
" හැමදාම ඉවසන්ඩ බෑනේ. හාමුදුරුවන් කවදාවත් මුන්ට හිත රිදෙන්න වචනයක් කියන්නේ නෑ. අනික මට දනුක කිව්වා මුං නම් හෙණ අණ්ඩ පාලයෝ ටිකක් කියලා. දනුකයා හිටියනම් අරුන්ට දෙක තුනක් නෙළනවා" ජීවක කියද්දී ඔහුගේ මුහුණ කේන්තියෙන් රත් පැහැ ගැන්වී ඇති බව තිලක්ට සහ සමීරට පෙනිනි.
"මොනවා උනත් මචං හැම දේකටම සීමාවක් තියෙනවා , මගේ ඉවසීමටත් එච්චරයි. මුන්ට පුළුවන් තරම් කිව්වා, පෙන්නුවා, හරි දේ මොකද්ද වැරැද්ද මොකද්ද කියලා මෙච්චර කල් ගිහින් අඳුරගන්ඩ බැරි වෙන්ඩ විදිහක් නෑනේ" ජීවක පැවසීය.
"මචං උඹ කියන කතාව ඇත්ත. ඒත් මේවගේ ප්‍රශ්නෙකදී මීටවඩා අපි සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනේ" තිලක් කීවේය.
" මම මොනවත් නෙමෙයි මචං කීවේ, එළියට ඇවිත් මම උන්ට මගේ ස්ටෝරිය කිව්වා, කියලා කිව්වා, අපේ ජීවිතේ දියකරගෙන අපි මෙච්චර කැපවීමක් කරනවා, මේවාට අපිට දෙන තෑග්ග නියමයි මල්ලිලා කියලා මම එන්ඩ ආවා"
"ඉතින් ජීවා හාමුදුරුවෝ මොනවත්ම කීවේ නැද්ද ?" තිලක් නැවතත් ඇසීය.
" මා එක්ක මේ සිද්ධිය කිව්වා පමණයි. හාමුදුරුවෝ තාමත් හිතන්නේ මුන්ව හදාගන්ඩ පුළුවන් කියලා, පොඩි දරුවොනේ වරදට පෙළඹෙන්න අවස්ථා බොහෝමයිනේ , අනුකම්පා කරමු, යහමග පෙන්වමු, ඔන්න ඔහොම ඒවා කිව්වේ.උන් ටික හාමුදුරුවන්ට මූණ දෙන්ඩ බැරිව ඉන්නේ එකෙක්වත් තාම පන්සලට ගිහිං නෑ."
"ජීවා උඹට දැන් මතක නෑ, උඹ ඉස්සර කිව්වෙත් ඕවාමනේ මචං, අසරණ දරුවෝ, හදාගමු, ගොඩනගමු, අරවයි මේවයි" සමීර කීවේය.
"මම මේ අවුරුදු හතරට හොඳට තෙම්පරාදු වෙලා මචං ඉන්නේ. " ජීවක පිළිතුරු දිනි.
"මේ ඇට්ටරයින්ව හදන්නනම් අර ඉස්සර කියන්නේ කථාවකට 'කෝවේ දාලා මකන්ඩ ඕනෙයි' කියලා, අන්න එහෙම කරන්ඩ වෙනවා" තිලක් එසේ කීවේය.
ශාලාවේ ප්‍රධාන දොරටුව අසල කිසිවෙකු ඇවිදින පියවර හඬ ඇසුනේ මේ අතරයි.
Subscribe to:
Posts (Atom)

